නිවසේ ප්‍රමාණයට විතරක් පාර හදපු නිසා මාර්ගය කළු ගඟට නාය ගිහිං – ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවක්

මාර්ග සංවර්ධන අධිකාරිය මූල්‍ය ප්‍රතිපාදන තිබියදීත්, එක් කොටසකට පමණක් කොන්ක්‍රීට් තට්ටුවකින් යොදමින් සිදු කළ මාර්ග සංවර්ධනයක් පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අයගම – ඉඩම්ගොඩ ප්‍රදේශයෙන්.

දසත පුවත් වෙත එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පවසා සිටියේ අයගම – ඉඩම්ගොඩ මාර්ගයේ 12 පහළවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් වන මෙම මාර්ගයේ නිවාස ප්‍රමාණයට පමණක් මාර්ගය ඉදිකර ඇති බවත්; සෙසු මාර්ග කොටස පසුගිය වර්ෂාපතන කාලයේ දී දැඩි ලෙස මාර්ගයම පහළට ගිලා බැස, නාය ගොස් ඇති බවයි.

මේ වනවිට නිවස පිහිටි වට භූමියේ ඇති පස් කන්ද සහිත මාර්ග කොටස ද නායයෑමට ලක්ව ඇති බවත් සිදුවීම සම්බන්ධයෙන් අනතුරක් සිදුවීමට පෙර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම්දුන්න ද; කිසිවෙකු මෙම ගැටලුව ගැටලුවක් ලෙස නොදකින බව‍යි ගම්වැසියන් චෝදනා කරන්නේ.

මෙම මාර්ගය යටින් කළු ගඟ ගලා බසිනා බවත් නායයෑම දිගින් දිගටම සිදුවුවහොත් මාර්ගය සමග කොන්ක්‍රීට් යොදා සැකසූ කොටස ද ගංගාවට නායයෑමේ අවදානමක් මතුව ඇතැයි නිවාස හිමියන් පවසනවා.

මේ පිළිබඳ ව මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගම්වැසියන් කළ විමසීමක දී ඔවුන් පවසා ඇත්තේ තවත් නිවාස එම මාර්ගයේ පිහිටියේ නම් පමණක් කොන්ක්‍රීට් යොදා බැම්ම ආවරණය කරන බවත් ඒ සඳහා මුදල් ඇති බවත් ය.

නමුත් නිවෙස් ප්‍රමාණය අඩු බැවින් එය සිදු කළ නොහැකි බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් පසුගියදා පැවති වර්ෂාපතනය සේ තවත් ඉදිරියේ දී කාලගුණය අයහපත් වූ කලෙක මෙම මාර්ගය ගිලා බැස නායයෑමේ අවදානම වැඩිබවත්, ජීවිත හානි හෝ දේපොළ හානි සිදුවීමට පෙර ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් අයගම – ඉඩම්තොට මෙම මාර්ගය භාවිත කරන්නන් වගකිව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?