සමාජ මාධ්‍යවල සංසරණය වු අසත්‍ය පුවතක් පිළිබඳ CID විමර්ශන

දිවයින පුරා ඇඳිරිනීතිය පනවන බවට අසත්‍ය හා සාවද්‍ය ප්‍රවෘත්තියක් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, “අද මධ්‍යම රාත්‍රී සිට මැයි මස 17 වන දින දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවනවා“ යනුවෙන් එම ප්‍රවෘත්තියේ දැක්වෙන බවය.

එවැනි සාවද්‍ය පුවත් මඟින් ජනතාව නොසන්සුන්තාවට පත්කිරීම නිතීවිරෝධි ක්‍රියාවක් බවත් අදාළ පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව එම ව්‍යාජ ප්‍රවෘත්තිය නිර්මාණය කළ හා අන්තර්ජාලය ඔස්සේ පළ කළ පුද්ගලයින් සොයා ඔවුන් අත්අඩංගුවට ගෙන නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?