දික්ඔයේ හොරෙන් මැණික් ගැරූ හයක් අත්අඩංගුවට ගනියි

දික්ඔය ඇළෙහි පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; හැටන් නගරයේ සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළෙහි මෙම නීතිවිරෝධී ක්‍රියාව සිදු කරමින් සිට ඇති බවයි.

සැකකරුවන් ව ඊයේ (10) පස්වරුවේ හැටන් පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින්
අත්අඩංගුවට ගනු ලැබුවා.

දික්ඔය වනරාජා තේ කර්මාන්ත ශාලාව පිටුපසින් කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළෙහි කිසියම් පිරිසක් අනවසරෙන් මැණික් ගරන බවට හැටන් පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්නපුර, කහවත්ත, බලංගොඩ, හැටන් සහ දික්ඔය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25-40 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ද පොලිසිය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38