අහුංගල්ලේ දී STF තැබූ වෙඩිල්ලක් ගැන අධිකරණයෙන් දුන් නියෝගය

2022 වසරේ කොළඹ ගාලු පාරේ අහුන්ගල්ල ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධියකට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සඟවා ඇති ආයුධ පෙන්වීමට රැගෙන යනු ලැබූ අවස්ථාවේ දී සැකකරු විසින් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි තැබීමට තැත්කිරීමේ දී නිලධාරීන්ගේ වෙඩි පහරින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට සම්බන්ධව මියගිය අයගේ ඥාතීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවක් ඊයේ (10) විභාගයට ගනු ලැබුවා.

නීතිපතිවරයාගේ නිර්දේශ මත එම සිද්ධියට නඩු පැවරීම නොහැකි බව දැනුම්දීමෙන් අනතුරුව බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නඩුව පවත්වාගෙන යාම ඊයේ (10) අවසන් කරනු ලැබුවා.

නීතිපතිවරයා විසින් දුන් උපදෙස් අනුව එයට එරෙහිව කටයුතු කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලතල නොමැති බැවින් එලෙස නඩු කටයුතු අවසන් කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෙම නඩුව පැවරූ මියගිය අයගේ බිරිඳට වින්දිතයන් රැක ගැනීම යටතේ පොලිස් ආරක්ෂාව සපයා තිබූ අතර ඇය පොලිස් ආරක්‍ෂාව මත අධිකරණ භූමියෙන් පිටව ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15