“බලධාරීන්ගෙන් ඇහුවා එයාලා බැලුවට කිසිදෙයක් කිව්වේ නෑ” – නිකවැරටිය රෝහලේ උණුසුම් තත්ත්වයක්

නිකවැරටිය මුලික රෝහලේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

ඊට හේතුවේ කාන්තා මෘත ශරීර දෙකක් මාරු වීම හේතුවෙන් බව ආරංචි මාර්ග පවසයි.

මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවකගේ සහ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවකගේ මෘත ශරීර එලෙස මාරු වී ඇත.

ඒ අනුව ඊයේ (30) දිනයේ දී 67 හැවිරිදි කාන්තාවගේ මෘත ශරීරය මහව ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් වෙත රෝහලෙන් භාර දී තිබේ.

ඔවුන් මෘත ශරීරය මහව ප්‍රදේශයේ ආදාහනාගාරයකට ගෙන ගොස් අවසන් කටයුතු සිදුකර ඇත.

නිකවැරටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් මෘත ශරීරය ලබාගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේ දී එය තම ඥාතියාගේ නොවන බව දැනගැනීමෙන් පසුව ඔවුන් කලහකාරී ලෙස හැසිරී තිබේ.

එහිදී මියගිය නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවගේ මුණුබුරා අදහස් දැක්වමින් මෙසේ සඳහන් කළේය.

“මගේ කිරිඅම්මා තමා නැති වුණේ. එයාට අංශභාගේ තිබුණා. අසනීප වෙලා නිකවැරටිය රෝහලට අරන් ආවා. පෙරේදා හවස අරන් ආවේ. කුරුණෑගලට යවලා පීසීආර් කරා. බොඩි එක ගන්න රෝහලට ආවා. මෝචරියට ගිහින් බැලුවා එතෙන සිරුරු කිහිපයක් තිබුණා. ඒත් කිරිඅම්මගේ බොඩි එක තිබුණේ නෑ. බලධාරීන්ගෙන් ඇහුවා එයාලා බැලුවට කිසිදෙයක් කිව්වේ නෑ.“

මේ පිළිබඳ රෝහලෙන් නිසි පිළිතුරක් නොලැබුණ බවට ඔවුන් චෝදනා කර සිටින අතර, නිකවැරටිය පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර බව ඔවුන් පැවසීය.

මේ අතර රෝහලේ සිටි හෙද නිලධාරීනියක් එම ස්ථානයට පැමිණ පවසා සිටියේ ඉහළ බලධාරීන් විසින් මේ පිළිබඳ තීරණයක් ලබාදෙන තුරු තමාට කිසිවක් පැවසිය නොහැකි බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න
01:24
Video thumbnail
පුලතිසි රාජා මෛත්‍රිපාලව බලන්න එයි
01:06
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි
00:40
Video thumbnail
සුගීෂ්වර බණ්ඩාර ජුලි 8වනදා දක්වා යළි රිමාන්ඩ් කරයි
01:46
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති වැඩ අරඹපු හැටි
00:44
Video thumbnail
සලේගේ උපවාසය අත්හැරීම ගැන නලින්ද කිව්ව සැර කතාව - මං කිව්වනේ සලේ කනවා කියලා
01:50
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න - පහළ භුගත වෙ#ඩි බෙහෙත් ගබඩාවක්
01:47
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි - ලබන 15 දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹපු හැටි
01:06