“බලධාරීන්ගෙන් ඇහුවා එයාලා බැලුවට කිසිදෙයක් කිව්වේ නෑ” – නිකවැරටිය රෝහලේ උණුසුම් තත්ත්වයක්

නිකවැරටිය මුලික රෝහලේ උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

ඊට හේතුවේ කාන්තා මෘත ශරීර දෙකක් මාරු වීම හේතුවෙන් බව ආරංචි මාර්ග පවසයි.

මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවකගේ සහ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවකගේ මෘත ශරීර එලෙස මාරු වී ඇත.

ඒ අනුව ඊයේ (30) දිනයේ දී 67 හැවිරිදි කාන්තාවගේ මෘත ශරීරය මහව ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් වෙත රෝහලෙන් භාර දී තිබේ.

ඔවුන් මෘත ශරීරය මහව ප්‍රදේශයේ ආදාහනාගාරයකට ගෙන ගොස් අවසන් කටයුතු සිදුකර ඇත.

නිකවැරටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් මෘත ශරීරය ලබාගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේ දී එය තම ඥාතියාගේ නොවන බව දැනගැනීමෙන් පසුව ඔවුන් කලහකාරී ලෙස හැසිරී තිබේ.

එහිදී මියගිය නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවගේ මුණුබුරා අදහස් දැක්වමින් මෙසේ සඳහන් කළේය.

“මගේ කිරිඅම්මා තමා නැති වුණේ. එයාට අංශභාගේ තිබුණා. අසනීප වෙලා නිකවැරටිය රෝහලට අරන් ආවා. පෙරේදා හවස අරන් ආවේ. කුරුණෑගලට යවලා පීසීආර් කරා. බොඩි එක ගන්න රෝහලට ආවා. මෝචරියට ගිහින් බැලුවා එතෙන සිරුරු කිහිපයක් තිබුණා. ඒත් කිරිඅම්මගේ බොඩි එක තිබුණේ නෑ. බලධාරීන්ගෙන් ඇහුවා එයාලා බැලුවට කිසිදෙයක් කිව්වේ නෑ.“

මේ පිළිබඳ රෝහලෙන් නිසි පිළිතුරක් නොලැබුණ බවට ඔවුන් චෝදනා කර සිටින අතර, නිකවැරටිය පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර බව ඔවුන් පැවසීය.

මේ අතර රෝහලේ සිටි හෙද නිලධාරීනියක් එම ස්ථානයට පැමිණ පවසා සිටියේ ඉහළ බලධාරීන් විසින් මේ පිළිබඳ තීරණයක් ලබාදෙන තුරු තමාට කිසිවක් පැවසිය නොහැකි බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?