හැටන් ඩන්බාර් වත්තේ ඉහල කොටසේ නිවාස සංකිර්ණයේ එකම පවුලේ 12 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (30) දින පස්වරුවේ ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.
එම පවුලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියක් පෙර අසාදිතයා බවත්,ඒ අනුව එම පවුලේ සියළුම දෙනා ස්වං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම පවුලේ 12 දෙනාටම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
මිට අමතරව හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයට අයත් සමනලගම ප්‍රදේශයේ මව සහ දියණියට කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගිය අවස්තාවේ සිදු කරන ලද ඇන්ටිජන් පරික්ෂාව අනුව එම දෙදෙනාටද කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ