ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4කට සිංගප්පූරුව තහනම්

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානය යන රටවලින් පැමිණෙන සංචාරකයින් රටට ඇතුළු කර නොගැනීමට සිංගප්පූරු රජය තීරණය කර තිබෙනවා. එරට බහු අමාත්‍ය කාර්ය සාධක බලකාය විසින් අදාළ තීරණය ගෙන ඇති අතර එය හෙට සිට ක්‍රියාත්මක වනු ඇති.

කොරෝනා වසංගතයත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෝටර් රථ කාර්යාලයේ සේවාවන් සීමා කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එළඹෙන සඳුදා සිට 7 වන දා දක්වා නියමිත නව රියදුරු බලපත්‍ර ලබාදීමට අදාළ ලිඛිත පරීක්ෂණ සහ ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, ලබන සඳුදා සිට 7 වන දා දක්වා අධිකරණ කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ පිළිබදව පැහැදිලි කළ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා කියා සිටියේ ඒ අනුව අදාළ දින කිහිපය තුළ කිසිදු විත්තිකරුවෙකු හෝ සැකකරුවෙකු තම නඩු වෙනුවෙන් අධිකරණයට පැමිණීම අවශ්‍ය නොවන බවයි.

එසේ නොපැමිණිය ද වරෙන්තු නිකුත් කිරීමක් හෝ හානිකර නියෝගයක් ලබාදීම සිදුනොකරන බව ද එම චක්‍රලේඛයේ ඇතුළත්.  

එමෙන්ම, පාසල් ආරම්භ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේදී තීන්දුවක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?