උත්සව සමයේ බිත්තරයක් 45ට අඩුවෙන් – සහල් නිෂ්පාදනය අඩුවීමෙන් කුකුළු කර්මාන්තයටත් බලපෑම්

එළඹෙන උත්සව සමයේ බිත්තරයක මිල රුපියල් 45ට අඩුවෙන් පවත්වාගෙන යෑමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ කුකුල් මස් නිෂ්පාදන අතිරික්තයක් ද රට තුළ පවතින බවයි.

එමෙන්ම එළවලු මිල ඉහළ යාමත් සමඟ බිත්තර සහ කුකුල් මස්වලට විශාල ඉල්ලුමක් මේ වනවිට ඇති වී තිබෙන බවද ඔහු සඳහන් කළා.

උත්සව සමය තුළ කුකුළු මස් මිල ද රුපියල් 1200ට අඩුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව පවතින බව ද සභාපතිවරයා පවසා සිටියා.

මේ අතර හාල් නිෂ්පාදනය අඩුවීමත් සමඟ එය කුකුළු නිෂ්පාදනයට ද දැඩි ලෙස බලපා ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා.

වී සහල් බවට පත් කිරීමේ දී සහල් නිවුඩු ලැබීම අඩුවීමත් සමඟ සත්ව ආහාර නිෂ්පාදනයට එය බලපා ඇති අතර, සුළු හා මධ්‍ය පරිමාණ ගොවිපොළවලට එමඟින් දැඩි බලපෑමක් එක්ක කිරීමට පටන්ගෙන ඇති බවයි සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?