ඉන්දියා යෞවනයින්ට ශ්‍රී ලංකාව පරදා පහසු ජයක්

වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව අද (06) සහභාගී වූ අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය වුණා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දීය අවුරුදු 19 පහළ කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ කඩුලු 07කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 46යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී ලකුණු 173ක් රැස් කළා.

ලකුණු 174ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 21යි පන්දු 04ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගිය 13 හැවිරිදි වෛභව් සූර්යවංශි පන්දු 36ක් තුළ ලකුණු 67ක් රැස් කළා.

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසට වෛභව් සූර්යවංශි පසුගිය දිනවල කතා බහට ලක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?