දකුණු අප්‍රිකාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 03ක් ඉතිරිව ලකුණු 269යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සත්කාරක දකුණු අප්‍රිකානුවෝ අද (05) ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට කඩුලු 07ක් දැවී ලකුණු 269ක් ලබා ගත්තා.

Gqeberha ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වූ දෙරට අතර තරගයේ කාසියේ වාසිය හිමිවූයේ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා හටයි.

බවුමා පළමුව පිතිකරණය තෝරාගත්තා.

මෙම තණතිල්ල වේග පන්දු යවන්නන්ගේ නිජබිමක් ලෙස සැලකෙන ක්‍රීඩාංගණයක්.

එබැවින් අද වේග පන්දු යවන්නන් හට වැඩි වාසියක් ඇති වේවි යැයි සිතුව ද, එය සිතූ තරම් පහසු නොවූයේ සිය මව්බිමේ දී දකුණු අප්‍රිකානුවන් කවර ගණයේ පන්දු යවන්නෙකුට වුව ද ප්‍රවේසම්කාරී අයුරින් පිතිහරඹය ක්‍රියාත්මක කිරීම හේතුවෙන්.

දකුණු අප්‍රිකාවේ පළමු කඩුලු 03 ලකුණු 50කට අඩුවෙන් දැවී ගිය ද නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් බවුමා ලකුණු 78ක් ලබා ගත්තා.

ඔහු දැවී ගියේ අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් කුසල් මෙන්ඩිස් වෙත ලබාදෙමින්.

ඉන් අනතුරුව ප්‍රවේසම්කාරී මෙන් ම තාක්ෂණික පිතිකරණයක නිරත වූ Ryan Rickelton සිය ජාත්‍යන්තර මංගල ටෙස්ට් ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරගැනීමට සමත් වුණා.

ඔහු ලකුණු 101ක් ලබා සිටියදී ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී යන විට එල්ල කර තිබූ හතරේ පහර ගණන 11ක්.

Kyle Verreynne 07 වැනි කඩුල්ල වෙනුවෙන් දිනය නිමාවන විට නොදැවී ලකුණු 48ක් ලබා සිටියා.

අද දිනයේ දී කඩුලු බිඳ දැමීමේ දී ළහිරු කුමාර කඩුලු 03ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය විසින් බිඳ හෙලනු ලැබුවා.

අද තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට හිසරදරයක් වූ Ryan Rickelton මෙන් ම තවත් ක්‍රීඩකයින් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු රකින්නන් හට ලැබුණු අවස්ථා කිහිපයක් ම මගහැරුණේ දුර්වල උඩ පන්දු රැකීම නිසාවෙන්.

හෙට (06) තරගයේ දෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12