ලෙබනනයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ආරක්ෂිතව දිවයිනට

මැදපෙරදිග ලෙබනන – ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් අසරණ වූ ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු ඊයේ (04) රාත්‍රියේ දී දිවයිනට පැමිණියා.

මෙම පිරිස අතර කුඩා ළමයින් 05 දෙනෙකු , කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයන් 19 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

මොවුන් ව මෙරටට එවීම සඳහා සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration), ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව පියවර ගෙන තිබුණා.

මේ ආකාරයට ඉකුත් 06, 12 , 28 , හා දෙසැම්බර් 01 දින ද මේ අයුරින් ම ශ්‍රී ලාංකිකයින් පි‍රිසක් දිවයිනට පැමිණියා.

මේ වනවිට ලෙබනනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු ගෙන්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් 27 දෙනා 11.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39