105 වසරකට පසු ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ඉඩක් තමන් නමින් වෙන් කරගත් ලාංකික භික්ෂුව

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව තිබෙනවා.

උන්වහන්සේ නමින් පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන්ද්‍රයන්.

තංගල්ල – වඩිගල ප්‍රදේශයේ උපත ලැබූ සමිතරතන හිමියන්, කුඩා කල සිටම ශිල්පීය ඥානය ප්‍රගුණ කරමින් කටයුතු කළ අයෙක්.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ද මධ්‍යම පළාතෙන් විශිෂ්ට ලෙස සමත් වෙමින් උන්වහන්සේ සිය ශාස්ත්‍රවේදී උපාධිය සඳහා පිවිසෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වෙතයි.

ඒ 2016/2017 ශිෂ්‍ය කණ්ඩායම සමගයි.

එහිදී දර්ශනය සම්බන්ධයෙන් ප්‍රථම පන්තියේ ගෞරව උපාධියකින් සමත් වන වඩිගල සමිතරතන හිමියන්; පසුව සිය දර්ශනපති උපාධිය (Mphil) සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට පැමිණ තිබෙනවා.

බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්තර්ජාතික සබඳතාව ඉතිහාසගත කරමින් 1919 වර්ෂයෙන් පසුව ඔක්ස්ෆර්ඩ් සරසවිය වෙත ලාංකික භික්ෂුවකට ශිෂ්‍යත්වයක් ලැබී ඇත්තේ දෙවැනි වරටයි.

එහි පළමු වාසනාවන්ත භික්ෂුව වූයේ පූජ්‍ය සූරියගොඩ සුමංගල නාහිමියන්.

ඉන් පසුව එම අවස්ථාව ලැබීමට පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් භාග්‍යවන්ත වී තිබෙනවා.

සරසවි අවධියේ සිටම දැඩි තාර්කික බුද්ධියකින් මෙන්ම විචක්ෂණශීලී දැනුම් සම්භාරයක් එක්කාසු කරගනිමින් අධ්‍යයන කටයුතුවල නිරත වූ වඩිගල සමිතරතන හිමියන් කා අතරත් සමාජශීලී, ප්‍රඥාවන්ත මහා දැනුම් ඇත්තෙකු ලෙසටයි ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවේ.

පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් මේ වනවිට සිය දර්ශනපති උපාධිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශාන්ත ක්‍රොස් විද්‍යාලයේ ග්ලෝරිසන් විශාරදයෙකු ලෙස බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ව සිය අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටිනවා.

පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් ගැන ලියවුණු ඔක්ස්ෆර්ඩ් සරසවියේ සම්පූර්ණ සටහන මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
1
+1
7
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23