Thursday, January 9, 2025
Empty Ad
AFC Banner
AFC Banner

105 වසරකට පසු ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ඉඩක් තමන් නමින් වෙන් කරගත් ලාංකික භික්ෂුව

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව තිබෙනවා.

උන්වහන්සේ නමින් පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන්ද්‍රයන්.

තංගල්ල – වඩිගල ප්‍රදේශයේ උපත ලැබූ සමිතරතන හිමියන්, කුඩා කල සිටම ශිල්පීය ඥානය ප්‍රගුණ කරමින් කටයුතු කළ අයෙක්.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ද මධ්‍යම පළාතෙන් විශිෂ්ට ලෙස සමත් වෙමින් උන්වහන්සේ සිය ශාස්ත්‍රවේදී උපාධිය සඳහා පිවිසෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වෙතයි.

ඒ 2016/2017 ශිෂ්‍ය කණ්ඩායම සමගයි.

එහිදී දර්ශනය සම්බන්ධයෙන් ප්‍රථම පන්තියේ ගෞරව උපාධියකින් සමත් වන වඩිගල සමිතරතන හිමියන්; පසුව සිය දර්ශනපති උපාධිය (Mphil) සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට පැමිණ තිබෙනවා.

බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්තර්ජාතික සබඳතාව ඉතිහාසගත කරමින් 1919 වර්ෂයෙන් පසුව ඔක්ස්ෆර්ඩ් සරසවිය වෙත ලාංකික භික්ෂුවකට ශිෂ්‍යත්වයක් ලැබී ඇත්තේ දෙවැනි වරටයි.

එහි පළමු වාසනාවන්ත භික්ෂුව වූයේ පූජ්‍ය සූරියගොඩ සුමංගල නාහිමියන්.

ඉන් පසුව එම අවස්ථාව ලැබීමට පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් භාග්‍යවන්ත වී තිබෙනවා.

සරසවි අවධියේ සිටම දැඩි තාර්කික බුද්ධියකින් මෙන්ම විචක්ෂණශීලී දැනුම් සම්භාරයක් එක්කාසු කරගනිමින් අධ්‍යයන කටයුතුවල නිරත වූ වඩිගල සමිතරතන හිමියන් කා අතරත් සමාජශීලී, ප්‍රඥාවන්ත මහා දැනුම් ඇත්තෙකු ලෙසටයි ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවේ.

පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් මේ වනවිට සිය දර්ශනපති උපාධිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශාන්ත ක්‍රොස් විද්‍යාලයේ ග්ලෝරිසන් විශාරදයෙකු ලෙස බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ව සිය අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටිනවා.

පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් ගැන ලියවුණු ඔක්ස්ෆර්ඩ් සරසවියේ සම්පූර්ණ සටහන මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
1
+1
7
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දේශීය කර්මාන්තකරුවෝ මාධ්‍ය කැඳවයි - ආණ්ඩුවට සැපට දෙසයි
07:20
Video thumbnail
රස්සාව නැති වූ සේවකයෝ මහ පාරේ හඬා වැටෙයි
07:19
Video thumbnail
රනිල් රටේ පාලකයා නම් රිලවුත් ඉන්නවා - පොලුත් තියෙනවා - හාලුත් තියෙනවා
19:51
Video thumbnail
කැලිෆෝනියාව ගිනි ගනී,ට්‍රම්ප් - ආණ්ඩුකාරවරයා සමග ඇවිළෙයි #donaldtrump
09:00
Video thumbnail
ලියාපදිංචි නොමැති දුරකථ ඇතුළු උපාංගවලට තහනමක්
02:01
Video thumbnail
සමන්ත විද්‍යාරත්නගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
16:15
Video thumbnail
දුර්වලයගේ පිටින් හරි නීතිය ක්‍රියාත්මක කරලා තමන්ගේ රෙද්ද බේරගන්න
04:43
Video thumbnail
අධිකරණ ඇමතිට පාර්ලිමේන්තුව - උසාවිය මාරු වෙයි - කතානායකට ස්වාමීණී කියලා නෝන්ඩි වෙයි
02:11
Video thumbnail
🛑පාර්ලිමේන්තුව සජීවීව | 2025.01.09 | LIVE
03:55:25
Video thumbnail
දියවන්නාව දෙවනක් කළ දිලිත් නැවත කටඅරී - එයාලා මගේ කට ඇවිස්සුවේ - මට ප්‍රතිචාර දක්වන්න සිද්ධ වුණ...
04:07

?