Tuesday, December 3, 2024
Empty Ad
AFC Banner

දකුණු කොරියාවේ නිදහස වෙනුවෙන් හදිසි යුද නීතිය ප්‍රකාශයට පත් කෙරේ

දකුණු කොරියාව හදිසි යුද නීතිය රට තුළ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි අද (03) රාත්‍රියේ දී දකුණු කොරියානු ජනාධිපති යූන් – සුක් – යෙයෝල් විසිනුයි මෙම හදිසි යුද නීතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

යූන් පැවසුවේ මෙම පියවර “උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේගවලින් එල්ල වන තර්ජනවලින්; නිදහස් දකුණු කොරියාව ආරක්ෂා කර ගැනීම සහ රාජ්‍ය විරෝධී පාර්ශ්වයන් රටින් තුරන් කිරීම” අරමුණු කරගත් බවයි.

ජනතාවගේ නිදහස සහ ආරක්ෂාව සහතික කිරීම සහ ජාතියේ තිරසාරභාව සහතික කිරීම” සඳහා වන “වැළැක්විය නොහැකි පියවරක්” ලෙස ද මෙම හදිසි යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම ගැන අර්ථකථනය කරමින් එරට ජනාධිපතිවරයා එය හඳුන්වා තිබෙනවා.

2022 දී බලයට පත් වූ දා සිට, යූන් රටේ විපක්ෂයට දිගින් දිගටම චෝදනා කර සිටියා.

ඒ එරට පාර්ලිමේන්තුව තුළ යූන්ගේ ප්‍රතිපත්තිවලට බලපෑම්සහගත විවේචන එල්ල වූ නිසාවෙන්.

පසුගිය මහමැතිවරණයෙන් ජනාධිපති යූන් හුදෙකලා වූයේ විපක්ෂයේ ප්‍රබල ජයග්‍රහණය හේතුවෙන්.

එබැවින් ඔහුට අවශ්‍ය නීති සම්මත කිරීමට නොහැකි වූ අතර, ඒ වෙනුවට, විපක්ෂය සම්මත කරමින් සිටි ඕනෑම පනතක් මංමුලා සහගත ලෙස නිශේධනය කිරීමේ බලය හෙතෙම අයුතු ලෙස භාවිත කරනු දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බයිලා ගහන ඔස්තාර්ලා රට පාලනය කරන්නේ - පොල්වලට පාලන මිලක් දාගන්න බෑ
01:31
Video thumbnail
දඹුල්ලේ හොර ඒජන්සියක් කළ කැත වැඩේ එළියට - මේ ජාවාරමට ඔබත් හසුවුණා ද?
04:58
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ වැඩ කරන අයටත් සද්දේ දානවා - මේවා බලං ඉන්න බෑනේ අපිට
15:40
Video thumbnail
රතු සහල් - සුදු සහල් නෑ අහස උසට මිල ගිහින් - කවුද මේවට වගකිව යුත්තේ ?
03:15
Video thumbnail
නත්තල් සීයගෙන් පොඩි ළමයින්ට තෑගි එපා ඇරන් එන්න පොලුයි - හාලුයි
01:56
Video thumbnail
ඇයි අපිට ලාදුරු ද? - ලේ ගනකම අඩු ද? /ඩඩ්ලි සිරිසේනටත් අමුවෙන්ම දෙසයි
01:47
Video thumbnail
පාර්ලිමේන්තු විකාශය සජීවීව
04:44:28
Video thumbnail
බිත්තර වී සොයා ගැනීමේ ගැටලුවක් - ගෙවතු වගා සංග්‍රාමයක් ඇතිකළානම් හරි
06:29
Video thumbnail
දැනට ඉන්න රාජ්‍ය සේවකයන් අඩු කරන සැලසුමක් සජබේ නලීන් හෙළි කරයි
12:16
Video thumbnail
රවුෆ් හකීම්ට බැන්නට හොඳටම තදවෙයි
01:38

?