පාපන්දු තරඟයක ඇති වූ ගැටුමකින් 100ක් මිය ගිහින් (වීඩියෝ)

ගිනියාවේ දෙවන විශාලතම නගරය වන ඇන්සරිකෝ හි පැවති පාපන්දු තරඟයකදී රසිකයින් අතර ඇති වූ ගැටුමකින් 100 දෙනෙක් පමණ මියගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇන්සරිකෝ හි රෝහල්වල මෘත ශරීරාගාරය එම මෘත ශරීරවලින් පිරී ඇති බවයි.

මෙම ගැටුමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, එම සංඛ්‍යාව ගණන් බලා නැහැ.

කෙසේ වෙතත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පාපන්දු තරගයේ විනිසුරුගේ තීරණයකින් පසු රසිකයින් පිටිය ආක්‍රමණය කිරීමත් සමඟ මෙම ගැටුම ආරම්භ වී තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම තරගය 2021 වසරේ දී කුමන්ත්‍රණයකින් බලය අල්ලාගෙන ජනාධිපති ලෙස පත් කර ගත් ගිනියාවේ ජුන්ටා නායක මාමාඩි ඩොම්බුයා වෙනුවෙන් සංවිධානය කළ තරගයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි එනකොට කාටවත් වාහන ගන්න පුළුවන් විදියක් තිබ්බේ නෑනේ..හෙට වාහනයක් ගත්තොත් ඒකට අධිභාරයක් නෑ
03:51
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අමාරුවේ වැටුණ පොලිසියට පිහිටක් වුණු මනුස්සයා
00:42
Video thumbnail
රට බේරගත්ත රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
01:15
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු
01:34
Video thumbnail
"වන අලින්ට ඡන්දෙ නෑ ගොවින්ට හයිය නෑ" අලි මිනිස් ගැටලුව වෙනුවෙන් පෙරට ආ රෝහිණී
08:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.19
08:26:46
Video thumbnail
විමල් බීලා හිටියේ නෑ - විමල් වැටුණේ රණවිරුවන්ගේ පාමුලට
09:36
Video thumbnail
ජනපති, රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වූ අයුරු..සැවොම සංවේදී කළ මොහොත මෙන්න
05:22
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:11