පානදුර නිලංගගේ අයිස් බෙදූ ගෝලයෙක්ට මාංචු

පානදුර හා අවට ප්‍රදේශ රැසකටම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ‘පානදුර නිලංගගේ’ ගෝලයෙක් කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත පානදුර, වලාන මංසන්ධියේ දී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ලක්ෂ හතකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52ක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මොහු තාවකාලිකව මහබෙල්ලන තොටුපොළ පාරේ කුලී නිවසක පදිංචිව සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙනවා.

වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය වාද්දුව, පානදුර,පානදුර උතුර, පින්වත්ත, එළුවිල යන ප්‍රදේශවලට බෙදාහැර ඇති බවයි.

සැකකරු අද (02) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56