Indian Premier League

පානදුර නිලංගගේ අයිස් බෙදූ ගෝලයෙක්ට මාංචු

පානදුර හා අවට ප්‍රදේශ රැසකටම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ‘පානදුර නිලංගගේ’ ගෝලයෙක් කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත පානදුර, වලාන මංසන්ධියේ දී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ලක්ෂ හතකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52ක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මොහු තාවකාලිකව මහබෙල්ලන තොටුපොළ පාරේ කුලී නිවසක පදිංචිව සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙනවා.

වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය වාද්දුව, පානදුර,පානදුර උතුර, පින්වත්ත, එළුවිල යන ප්‍රදේශවලට බෙදාහැර ඇති බවයි.

සැකකරු අද (02) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11

?