ජෙරල්ඩ් කෝට්සිට දෙවන ටෙස්ට් තරගය අහිමිවෙයි

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ජෙරල්ඩ් කෝට්සිට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අහිමිව ගොස් තිබෙනවා.

ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

කෝට්සිගේ දකුණු ඉකිලියේ මාංශ පේශිවල මෙම අබාධය හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ දී ඔහු පන්දු යවමින් සිටිය දී ඉකිලියේ අපහසුතාවයට පත්ව ඇති අතර, පසුව සිදුකළ ස්කෑන් පරීක්ෂනයේ දී මේ බව අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවේ ඔහුට සති හතරක් හෝ හයක අතර කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඔහුට සංචිතයෙන් ඉවත්වීම සිදුවීමත් සමඟ 18 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ක්වේනා මපාකා කැඳවීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.

සංචාරක ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරට දෙවන ටෙස්ට් තරගය ලබන 05 වනදා ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03