ඉදිරි දින කිහිපය තුළ ලාෆ් ගෑස් හිඟය අවසන් – මිල සංශෝධනයට තීරණයක් නැහැ (වීඩියෝ)

ගෑස් මිල සංශෝධනය කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ලාෆ් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් පවසනවා.

මේ වනවිටත් ගෑස් මෙට්‍රික් ටොන් 22,000 අඩංගු නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකරන බවයි ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ.

එමෙන්ම තවත් ගෑස් නැවක් ලබන සතිය වනවිට කොළඹ වරායට පැමිණීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දිනකට ලක්ෂයක පමණ ලාෆ් ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් දිවයින පුරා බෙදාහරින බව ද ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂන් ජේ පීරිස් අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

ඒ, අනුව ඉදිරි දින කිහිපය තුළ හිඟයකින් තොරව ලාෆ් ගෑස් ලබාගැනීමේ හැකියාව පාරිභෝගිකයිට හිමිවනු ඇති බව ද ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10