බණ්ඩාරවෙල මනාල යුවළකට කොවිඩ් – සමීපතමයින්ට PCR පරීක්ෂණ

බණ්ඩාරවෙල, ඇල්ල ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයක මනාල යුවළ ඇතුළු සමීපතම ඥාතීන් කොවිඩ් -19 ආසාදිතයින් ලෙසට තහවුරු වී තිබේ.

බණ්ඩාරවෙල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් රාජපක්ෂ මහතා පවසා සිටියේ, ඒ අනුව එම විවාහ උත්සවයට සහභාගී වු පුද්ගලයින් දසදෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ඊයේ (29) දිනයේ දී සිදුකළ බවය.

මේ අතර, එම ප්‍රදේශයේ මුල්‍ය ආයතන 5කට අධික ප්‍රමාණයක ආසාදිතයින් 30ක් පමණ වාර්තා වී ඇතැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම පුත්තලම, කල්පිටිය, ආණමඩුව සහ හලාවත ප්‍රදේශවලින් අද (30) පෙරවරුව වන විට කොවිඩ් ආසාදීතයින් 32ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

කල්පිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 11ක්, හලාවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 11ක්, පුත්තලම සහ ආණමඩුව ප්‍රදේශවලින් ආසාදිතයින් 10 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇත.

මේ අතර ආණමඩුව නගරයේ පවත්වා ගෙන යන පුද්ගලික මූල්‍ය ආයතනයක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

එම ආයතනයේ සේවය කරන සේවකයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට අනාවරණය වීම ඊට හේතුව වී ඇත.

මේ අතර, හලාවත මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

හලාවත මහ රෝහලේදී සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඒ බව තහවුරු වී ඇත.

ආසාදිත වෛද්‍යවරයා බිංගිරිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09