අසීරුම මොහොතේ චන්දි සහ ධනාගෙන් අර්ධ ශතක

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සිව්වන දිනට අද (30) ඩර්බන් හිදී ආරම්භ වුණා.

මේ වනවිට තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් අද සිය ටෙස්ට් දිවියේ 30 වන අර්ධ ශතකය රැස්කළ අතර, නායක ධනංජය ද සිල්වා අද රැස් කළේ සිය ටෙස්ට් දිවියේ 18 වන ටෙස්ට් අර්ධ ශතකයයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 516ක ඉලක්කයක් හඹා යමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?