මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ ශ්‍රී ලංකා යාත්‍රා දෙකක් අරාබි මුහුදේ දී අල්ලයි (ඡායාරූප)

ශ්‍රී ලංකා ධජය සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමඟ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාව සහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබිය දී මෙම යත්‍රා ගෙන ඇති අතර, එලෙස ඉන්දීය හමුදාව අත්අඩංගුවට ගැනුණු එම යාත්‍රා සැකකරුවන් 09 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකාව භාරදීමට නියමිතයි.