පාකිස්තානයේ හිටපු අගමැති ඉම් රාන් ඛාන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් පවතින රජයට බලපෑම් ලෙස විරෝධතා දියත් කරමින් මේ දිනවල වීදි පුරා හටගෙන තිබෙන විරෝධතා සාමකාමී සහ මානව හිමිකම් සුරැකෙන පරිදි පවත්වන ලෙසට අමෙරිකාව ඉල්ලා තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් ඉල්ලා ඇත්තේ සාමකාමීව විරෝධතා දැක්වීමට පාකිස්තාන ජනතාවට ඇති අයිතියට තම රජය සහාය දෙන බවයි.
වොෂින්ටනයේ පැවති මාධ්‍ය හමුවක දී අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් සාමකාමී විරෝධතා දැක්වීමට පාකිස්තානු ජනතාවගේ අයිතියට එක්සත් ජනපදයේ සහයෝගය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
පාකිස්තානයේ සහ ලොව පුරා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමී රැස්වීම් සහ හමුවීම් වෙනුවෙන් පෙනී සිටින බවයි මිලර් අවධාරණය කර ඇත්තේ.
“විරෝධතාකරුවන්ට සාමකාමීව කටයුතු කිරීමට සහ ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමට අපි දිරිමත් කරමු. ඊට සමගාමීව, මානව හිමිකම්, මූලික නිදහස සහ නීතිය හා සාමය ආරක්ෂා කරමින් පාකිස්තානයේ නීති සහ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන ලෙස අපි පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු,” යනුවෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.