2008 නොවැම්බර් මස 26 වැනි දින රාත්‍රියේ ඉන්දියාවේ සුඛෝපභෝගී ප්‍රාන්තයක් ලෙස සැලකෙන මුම්බායි නුවරට නම් එතරම් සුබ වූයේ නැත.
ඊට හේතුව වන්නේ වර්ගවාදය හා ජාතිවාදය කලවම් කරගත් දේශපාලනික වියරුවෙන් ඔද වැඩී සිටි පාකිස්තානය කේන්ද්‍ර කරගත් සටන්කාමී කණ්ඩායමක් වන ලෂ්කාර් – ඊ – ටයිබා (LET) සමග එක්ව වැඩ කරන තුවක්කරුවන් 10 දෙනෙකු මුම්බායි නුවරට කඩා වැදී එල්ල කළ අමානුෂික ප්‍රහාරයන් ය.
මෙම වෙඩි තැබීම් ප්‍රහාර මාලාවක් කේන්ද්‍ර කරගනිමින් සිදු වුණු අතර එහිදී අමෙරිකානුවන් සයදෙනෙකු ඇතුළුව තවත් ඉන්දීය ජාතිකයින් 166 දෙනෙකුට තවදුරටත් ජීවත් වීමේ අවස්ථාව එදා නොතිබුණි.
මුළු මහත් නගරයම ඇසිපිය හෙලන සැණින් සුනු විසුණු කර දැමූ ත්‍රස්තවාදී තුවක්කරුවන් ටජ් මහල්, ඔබරෝයි ට්‍රයිඩන්ට්, ඡත්‍රපති ශිවාජි දුම්රිය ස්ථානය ඇතුළු සංකේතාත්මක සන්ධිස්ථාන වෙත කඩා වැදී පැය 60කට අධික කාලයක් මුම්බායි නුවර ප්‍රාණ ඇපකරුවෙකු ලෙස තබා ගැනීම සිදු කිරීම මුළු මහත් ලෝකයේ ම දැඩි අවධානයක් යොමු වූ පුවතක් වන්නට විය.
කෙසේවෙතත් මෙම බිහිසුණු සිදුවීම සිදු ව ඊයේ (26) දිනයට 16 වසරක් සපිරෙන අතර එම ප්‍රහාරයෙන් අහිමි වූවන් සිහිපත් කරමින් විවිධ සැමරුම් මුම්බායි නුවර දී සිදු කෙරුණි.
ඉන්දියාව එදා සිට අසල්වාසී පාකිස්තානය සමග දැඩි රාජ්‍ය තාන්ත්‍රික මෙන් ම දේශපාලනික සබඳතාවල පළුද්දක් නිර්මාණය කරගත් අතර එහි කේන්ද්‍රස්ථානය වූයේ පාකිස්තාන සම්භවයක් සහිත කැනේඩියානු ජාතික තහව්වුර් රානාට එරෙහිව ක්‍රියාත්මක වූ උදර්පණ නඩුවයි.
ස්වයංක්‍රීය ගිනිඅවි සහ අත්බෝම්බවලින් සන්නද්ධ වූ ත්‍රස්තවාදීන් මුම්බායි නගරයට විශාල විනාශයක් කිරීමට සූදානම් වීම, ඉන්දියානු ධීවර බෝට්ටුවක් පැහැර ගැනීමෙන් පසු, ඔවුන් මුහුදෙන් නගරයේ වෙරළ තීරයට ළඟා වී, කුඩා කණ්ඩායම්වලට බෙදී ඉන්දියාවේ උපාය මාර්ගික ස්ථානවලට පහරදීම ඉහත නඩු තීන්දුවේ දී රානාට එල්ල වූ චෝදනා අතර වුණා.
කෙසේවෙතත් මෙම මිලේච්ඡ ප්‍රහාරයට එරෙහිව 2012 වසරේ දී මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයින් 10 දෙනෙකු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදීම මියගිය අතර අජ්මාල් අමීර් කසාබ් නමැත්තා පමණක් ඉන්දීය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගැනුණා.
ඔහු ද 2012 වර්ෂයේ දී මුම්බායි ප්‍රහාරයට වරදකරු බවට පාපොච්චාරණය කරමින් මෙම ඝාතන සැලැස්ම පසුපස ඇතිලෂ්කාර්-ඊ-තයිබාගේ ක්‍රියාකලාපය හෙළි කිරීම ද සිදු වුණු අතර ඉන් පසුව නඩු විභාගයෙන් ඔහුට මරණ දණ්ඩනය නියම වී එම වසරේ දී ම ඔහුව මරා දැමීමටයි ඉන්දීය රජය කටයුතු කළේ.
ප්‍රහාරයෙන් පසුව, වගකිවයුත්තන්ට එරෙහිව ජාත්‍යන්තර පියවර ගන්නා ලෙස ඉන්දියාව ජාත්‍යන්තරයට ද බලපෑම් කරන්නට වුණා.
මුම්බායි ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොව පුළුල් කලාපීය අභියෝගයක කොටසක් බව පකිස්තානය පදනම් කරගත් කණ්ඩායම්වල මැදිහත්වීම සහ පකිස්තාන බුද්ධි ඒජන්සිය වන අයිඑස්අයි හි චෝදනාවට සම්බන්ධ වීම
මගින් ගම්‍ය වූ බවයි වාර්තා වූයේ.
කෙසේවෙතත් මෙම මුම්බායි ප්‍රහාරයේ ඇතැම් නඩු තීන්දු තවදුරටත් ඇදි ඇදී යන අතර ඉන්දියාව සහ අසල්වාසී පාකිස්තානය අතර පවතින හිත අමනාපකම් තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද පුරෝකථනය කර තිබෙනවා.