පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනුකළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබෙනවා.
දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; අදාළ පෙත්සම ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය විසින් ඉදිරිපත් කර තිබෙන අතර, එය අද (27) ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉහත නියෝගය දුන් බවයි.
එහිදී අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට අවසර ලබා දෙන ලෙස මෝසමක් ගොනු කරමින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව විරෝධතා පවතියි නම්; සති හතරක් තුළ ගොනු කරන ලෙස ද වග උත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාට කල් ලබා දුන් විනිසුරු මඬුල්ල, පෙත්සම විභාගය සඳහා ලබන මාර්තු මස 10 වනදා කැඳවීමට නියෝග කළා.