‘ගෝඨා ගෝ ගමට’ පහර දුන් සිද්ධියේ නඩුවට අදාළව ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ, ගාලු මුවදොර අරගලයට පහරදීමේ සිද්ධියේ නඩුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී එම සිද්ධියට සැකකරුවන් වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.
නමුත්, මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටින ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ පවසා සිටියේ අදාළ සැකකරුවන් මේ වන විට විදෙස්ගතව සිටින බවයි.
ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළා.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ විමර්ශන අවසන් කර උද්ධෘත නීතිපතිවරයා වෙත යවා තිබෙන බවයි.
ඒ අනුව, නීතිපති උපදෙස් සඳහා 2025 මාර්තු 26 දින නඩුව නැවත කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.