චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ උප අමාත්‍ය Sun Haiyan මහත්මිය පසුගියදා මෙරටට සිව්දින නිල සංචාරයක් සඳහා (නොවැම්බර් 23) පැමිණියා.
උප අමාත්‍යවරිය මෙරටට පැමිණීමෙන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන් ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද හමු වුණා.
එහිදී ද්විපාර්ශ්වික චීන – ශ්‍රී ලංකා සබඳතා වැඩිදියුණු කරගැනීම පිළිබඳ ව වැඩි වශයෙන් අවධානය යොමු කෙරුණු බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.
මෙම සංචාරයේ දී උප අමාත්‍යවරිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද හමුවුණා.
එම හමුවීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද එක් ව සිටියා.
CPC මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව Lin Tao සහ අධ්‍යක්ෂ CPC මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව Li Jinyan ද සිය චීන උප අමාත්‍යවරිය සමග පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
ඒ අනුව චීන උප අමාත්‍යවරියගේ සිව් දින නිල සංචාරය අද (27) දිනෙන් අවසන් වනු ඇති.