හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් පාදුක්කේ දී අල්ලයි

විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමක දි මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

පාදුක්ක, වටරැක ප්‍රදේශයේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, එහිදී සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 57ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 29ක් සොයාගත බවයි පොලිසිය සඳහන් කළේ.