අයහපත් කාලගුණයෙන් සිදු වූ පළමු මරණය බණ්ඩාරවෙලින් වාර්තා වෙයි

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ පළමු මරණය බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ නිවසක බැම්මක් කඩා වැටීම හේතුවෙන් කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

අද (26) උදෑසන 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

මෙම අනතුරින් තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මොවුන් උදෑසන නිවසේ නිදා සිටි අවස්ථාවේ පැති බැම්මක් නිවස මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව බණ්ඩාරවෙල පොලිසිය සඳහන් කළා.

මිය ගිය කාන්තාව මළ සිරුර බණ්ඩාරවෙල රෝහලේ මේ වනවිට තැන්පත්කර තිබෙනවා.

මේ අතර පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක්ම අවහිර වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා.

නායයාම්, පස්කඳු කඩා වැටීම්, ගස් සහ ගල් කඩාවැටීම් හේතුවෙන් මෙම මාර්ග අවහිරව ඇති බවයි එම ඒකකය පැවසුවේ.

ඒ, අනුව බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර කිරිමණ්ඩලය අසල, හපුතලේ – බෙරගල මාර්ගය, බදුල්ල – පස්සර මාර්ගයේ තුනේ කණුව, බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගය, බදුල්ල – පස්සර මාර්ගයේ හතේ කණුව, බිබිල – ලුණුගල මාර්ගයේ අරවාකුඹුර යන ස්ථානවලින් මාර්ග අවහිර වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40