උසස් පෙළ පැවැත්වීම වළකාලන පෙත්සම ලබන 12 දක්වා කල් යයි

මෙවර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඒ, පෙත්සම අද (25) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂිකාවක් වන හංසනි අලහකෝන් සිසුවිය ගොනු කොට ඇති පෙස්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන ඇමැති හරිනී අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

උසස් පෙළ අධ්‍යාන කාලය අධ්‍යාන දින 107ක් සම්පූර්ණ විය යුතු බව 39/2023 චක්‍ර ලේඛණයේ පැහැදිලිව සඳහන් කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර සිසුවිය මෙම අධ්‍යයන කාල සීමාවට පෙර මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සිය පෙත්සම මගින් සඳහන් කරනවා.

මේ තත්ත්වය යටතේ උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් ලක්ෂ තුනකට ආසන්න සිසු සිසුවියන්ට මහත් අසාධාරණයක් වි ඇතැයි ද නියමිත පරිදි විෂයමාලා සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කරන පෙත්සම්කාරිය තම පෙත්සම විභාගයට අවසර දෙන ලෙස ද උසස් පෙළ විභාගයේ පැවැත්වීම වළකාල අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ කාල සටහන බලශුන්‍ය කරන ලෙසද ඉල්ලා සිටිනවා.

පෙත්සම කැඳ වූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලත් විග්නේෂ්වරන් මහතා කරුණු දක්වමින් මේ වන විට විභාගය ආරම්භ කර ඇති හෙයින් පෙත්සම පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බව පෙන්වා දුන්නා.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ටිරන්ත වලලියද්ද මහතා කරුණු දක්වමින් පෙත්සම සංශෝධනය කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

නිර්මලත් විග්නේෂ්වරන් මහතා කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය කරන ඉල්ලීමට අවසර දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට ද අවසර දෙන්නැයි ඉල්ලා සිටියා.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව සංශෝධන පෙත්සමට අවසර දුන් අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 12 වැනිදා කැඳවීමට නියෝග කළේය.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40