බෝඩර් – ගවස්කාර් කුසලාන පළමු තරගයේ ජය ඉන්දියාවට

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට අද (25) හැකියාව ලැබුණා.

පර්ත් හිදී පැවති මෙම තරගය ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඉන්දියාව ජයගත්තේ ලකුණු 295කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ල දැවී ලකුණු 150ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියාවට පළමු ඉනිම සඳහා රැස්කරගත හැකි වුයේ ලකුණු 104ක් පමණයි.

අනතුරුව ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 46ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඇරඹු ඉන්දියාව, සිය දෙවන ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 487ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඉන්දීය දෙවන ඉනිම ගොඩනැඟීමේ දී ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් ලකුණු 161ක් රැස්කර ගනිමින් වැඩි දායකත්වයක් ලබාදුන් අතර, සිය ටෙස්ට් දිවියේ 30 වන ශතකට රැස්කරමින් විරාට් කෝලි ලකුණු 100කින් ඉන්දීය දෙවන ඉනිම ශක්තිමත් කළා.

අනතුරුව ඕස්ට්‍රේලියාවට මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 534ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියාවට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 238ක් පමණයි.

මෙහිදී ජස්ප්‍රිත් බුම්රා සහ මොහොමඩ් සිරාජ් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරග ලකුණු 295කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01