කොවිඞ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මුව ආවරණ නිෂ්පාදනය කරන මිනුවන්ගොඩ, යටියන පිහිටි කුඩා කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 19 දෙනෙකුට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
එම කර්මාන්ත ශාලාවේ දිවා සහ රාති‍්‍ර වශයෙන් සේවා මුර දෙකකට සේවක සේවිකාවන් 40 දෙනෙකු පමණ සේවය කර තිබෙනවා.
ඉන් දිවා කාලයේ සේවය කරන සේවිකාවක් අසනීප තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවේදී එම සේවිකාව ආසාදිතයකු බවට හඳුනාගෙන තිබෙනවා. අනතුරුව දිවා කාලයේ සේවය කළ සේවක සේවිකාවන් 20 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව 19 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
එම කර්මාන්ත ශාලාවේ හිමිකරුද ආසාදිතයකුවන අතර මුව ආවරණ බෙදාහැරීම නවතා දමා කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය කටයුතු කර තිබෙනවා.