ගම්පහ කොරෝනා රෝගීන්ට ඉඩ නෑ.. රෝගින් නිවසේ තබා ප‍්‍රතිකාර කරයි

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක කොරෝනා ආසාදිතයන් නිවෙස් වල තබා ප්‍රතිකාර ලබා දෙමින් ඇතැයි වාර්තා වෙයි.

එම රෝගීන් සඳහා අවශ්‍ය රෝහල් ඉඩකඩ සූදානම් කරන තෙක් මෙම පියවර ගෙන ඇතැයි සඳහන්ය.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වාර්තා වීම ඉහල ගොස් ඇති අතර ගම්පහ හා ආසන්න ප්‍රදේශවල කොරෝනාප්‍රතිකාර මධ්‍යස්ථානය පිරි ගොස් තිබේ.

අලුතෙන් වාර්තා වන රෝගීන්ට අවශ්‍ය රෝහල් පහසුකම් සූදානම් කරන තෙක් ඔවුන් නිවෙස් තුළ තබා ප‍්‍රතිකාර ලබා දීමට තීරණය වී ඇතැයිද දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?