ලොහාන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් – විරෝධතා ගොනු කිරීම 29 වනදාට පෙර

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමට විරෝධතා ගොනු කිරීමට අභියාචනාධිකරණය අද (19) නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

අදාළ පෙත්සම අද දිනයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා සති හතරක කාලයක් ලබාදෙන ලෙසයි.

එම ඉල්ලීමට පෙත්සන්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්න විරුද්ධ වුණා.

ඒ සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටි අතර, නොවැම්බර් මස 29 වැනිදාට පෙර විරෝධතා ගොනු කරන ලෙස වග උත්තරකාර පාර්ශවයට අභියාචනාධිකරණය නියෝග කරනු ලැබුවා.

එමෙන්ම අභියාචනාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 09 වනදා කැඳවන ලෙස නියෝග කළා.

මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ⁣ගේ රෝගී තත්ත්වය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය කොළඹ ජාතික රෝහලේ නිලධාරීන්ට නියෝග කරනු ලැබුවා.

ලියාපදිංචි නොකළ වාහනයක් මිරිහාන ප්‍රදේශයේ පිහිටි ලොහාන් රත්වත්තේගේ බිරිඳගේ නිවසේ තිබී සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36