ලංකාවට ආ විදේශිකයාගේ බඩ ඇතුළේ කොකේන් කරල්

ශරීරය අභ්‍යන්තරයේ සඟවාගෙන මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි විදෙස් ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සියරා ලියොන් සිට පැමිණි ගුවන් මගියෙක්.

32 හැවිරිදි සැකකරු සියරා ලියොන් ජාතිකයෙකු වන අතර, ඔහු ඊයේ උදෑසන තුර්කි ගුවන් සේවයට අයත් TK 730 දරණ ගුවන් යානයෙන් ඉස්තාන්බුල් හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ස්කෑනර් යන්ත්‍රය මගින් මෙම ගුවන් මගියා පරීක්ෂාවට ලක් කළ නිලධාරින්, ඔහුගේ ශරිර අභ්‍යනතරයේ මත්ද්‍රව්‍ය සඟවා ගෙන ඇති බව හඳුනාගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විටත් කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන කරල් 17ක් ඔහුගේ ශරීරයෙන් පිටතට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ තම උදරයේ තවත් මත්ද්‍රව්‍ය අඩංගු කරල් ඇති බවයි.

සොයාගත් මත්ද්‍රව්‍ය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43