ක්‍රීඩාංගණයකට මෝටර් රථයක් කඩා වැදී 35 දෙනෙකු මරුට – තවත් 43කට බරපතළ තුවාල

චීනයේ ෂුහායි ප්‍රාන්තයේ ක්‍රීඩාංගණයක ව්‍යායාම කටයුතුවල නිරත ව සිටි පිරිසක් අතරට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් කඩා වැදීමෙන් එහි ව්‍යායාම කටයුතු කරමින් සිටි පුද්ගලයින් අතරින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කළේ; අදාළ අනතුරින් තවත් 43 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

අනතුර සිදු කළ රියදුරු 62 හැවිරිදි අයෙකු බවත් හෙතෙම අනතුරින් පසුව පලා යාමට කළ උත්සාහයේ දී චීන ප්‍රාන්ත පොලිස් අත් අඩංගුවට පත් ව තිබෙනවා.

කෙසේවෙතත් අනතුරින් පසුව රියදුරා දැඩි මානසික කම්පනයකට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේ දී සැකකාර රියදුරු සිය බිරිඳගෙන් නීත්‍යානුකූල ව වෙන් ව ඇති අතර දෙදෙනා අතර පැවති දේපොළ ආරවුල් බේරුම්කරණයක් හේතුවෙන් ඔහු දැඩි අතෘප්තියෙන් සිට ඇති බවත්; එහි තිබූ කම්පනකාරී තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ද පැවසෙනවා.

මේ වනවිටත් සැකකාර රියදුරු දැඩි කොමා තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගෙන් චීන පොලිසියට තවමත් අවසර හිමිව නැහැ.

චීන ජනාධිපති ෂී ජින් පිං සිද්ධිය සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල පළ කළ අතර, තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම අපරාධකරුට දැඩි දඬුවම් දෙන ලෙසටත් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

චීනය තුළ පසුගිය මාස කිහිපය තුළ මහජන සාමාජිකයින්ට ප්‍රචණ්ඩ ප්‍රහාර රාශියක් විවිධ අවස්ථාවල දී එල්ල වන ආකාරය දැකිය හැකි වුණා.

සැප්තැම්බරයේ ෂැංහයි හි සුපිරි වෙළඳසැලක පිහි ඇනුමකින් තිදෙනකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලැබුවා.

එම මාසයේම, 10 හැවිරිදි ජපන් ශිෂ්‍යයෙකු දකුණු චීනයේ දී පාසල් ශිෂ්‍යයෙකුට පිහි ප්‍රහාරයක් එල්ල වීමෙන් හෙතෙම මියගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10