AFC Banner
Empty Ad
AFC Banner

නීතිවිරෝධීව මුද්‍රණය කළ නියැදි ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ දෙදෙනෙක් අල්ලයි

නීතිවිරෝධී අයුරින් මුද්‍රණය කළ නියැදි ඡන්ද පත්‍රිකා 32,000ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නියැදි ඡන්ද පත්‍රිකා තොගය දේශපාලන පක්ෂ කාර්යාලයකට වාහනයකින් රැගෙන යමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කල්මුණේ පොලිස් වසමට අයත් කාසිම් පාර ප්‍රදේශයේ පසුගියදා විවෘත කෙරුණු පක්ෂයක කාර්යාලයකට මෙම නියැදි ඡන්ද පත්‍රිකා තොගය ප්‍රවාහනය කරමින් තිබූ බවයි වාර්තා වුණේ.

අම්පාර දිස්ත්‍රික් මැතිවරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම ඡන්ද පත්‍රිකා තොගය ඊයේ (07) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් ඡන්ද පත්‍රිකාවල මුස්ලිම් පක්ෂයක ලකුණ සහ අංකය මුද්‍රණය කර ඇති ආකාරය දැකගත හැකි බවයි දසත වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, නියැදි ඡන්ද පත්‍රිකා තොගය නීතිමය කටයුතු සඳහා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කල්මුණේ පොලිසිය කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිහා හදන්නම් කිව්වේ 2048 - අපිට දැන්ම හදන්නලු - අවුරුදු 76ක් පොල් ගෑවද? #npp #akd
Video thumbnail
රට ඉන්න එව්වො ඩොලර් 500ක් එවනවා කිව්වා - බම්බුවක් එව්වා #chamarasampath #npp #akd
02:27
Video thumbnail
හරිනිගෙන් පොරොන්දු මල්ලක් - මැතිවරණයෙදී පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු
04:52
Video thumbnail
විජිත හේරත් හදීසියේ කොළඹ වරාය රේගුවට කඩා පනී - බඩු පැකට් - හොර වැඩ සියල්ලම මාට්ටු
04:51
Video thumbnail
අධ්‍යාපන උපකරනවල මිල අඩු කළාද ? - යකෝ දැන් මිනිස්සු හිතනවා - මීට වැඩිය හොඳයි රනිල් හිටියානම් කියලා
03:46
Video thumbnail
අපිට තනිකර අපායක් මේ දුන්නේ - මාලිමාව දැන් කියන කතා #npp #akd #anurakumaradissanayake
10:49
Video thumbnail
එදා සිලින්ඩරයට ගිය අය - මෙදාපාර සජබයට #sjb #unp
03:41
Video thumbnail
අනුන්ගෙන් කාලා ඉන්න නිකමෙක්ට රටක් හදන්න බෑ
03:01
Video thumbnail
ආණ්ඩුව මාධ්‍ය ආයතන වලට තර්ජනය කරන්න පටන්අරගෙන
03:25
Video thumbnail
දැන්වත් අනුර ජනපති විදිහට වැඩ කරන්න - මිනිස්සු හැමදාම ඉවසන්නේ නෑ - ලඟදීම පාරට බහිනවා
03:52

?