වෑන් රියකින් ඇද්ද කසිප්පු තොගයක් සීදුව පොලිස් භාරයට

වෑන් රථයකින් අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ කසිප්පු තොගයක් සීදුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ (07) රාත්‍රියේ දී සීදුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව වෑන් රථයකින් උදම්මිට පන්සල අසල දී සිදු කළ සෝදිසි කිරීමක දී අදාළ වෑන් රිය සමග කසිප්පු සොයා ගැනුණු බවයි.

මෙම වැටලීමේදී කසිප්පු බෝතල් 495ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් රියැදුරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නීති විරෝධී කසිප්පු නිෂ්පාදනය කරන සීදුව පොලිස් බල ප්‍රදේශයේ ලන්සියාවාඩිය ස්ථානයේ පිහිටි සුවිසල් මන්දිරයක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ ස්කාගාරය වටලා අලෙවි කිරීමට සූදානම් කර තිබූ තවත් බෝතල් 25 බැගින් අසුරා ඇති පොලිතීන් උර 17,ක් මත්පැන් කවලම් කිරීම සඳහා උපයෝගී කරගන්නා උපකරණ සමග ප්‍රධාන සැකකාරිය ද එම ස්ථානයේ දී ම අත්අඩංගුවට ගැනීම සිදු කළා.

අද (08) දින මෙම සැකකාරිය සහ වෑන් රථයේ රියදුරු සමග නිවසේ සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු, නඩු භාණ්ඩ සමගින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58