පොළොන්නරුවේ රිය අනතුරකින් පෝලන්ත ජාතික යුවළක් බරපතළ තුවාල ලබයි (වීඩියෝ)

පෝලන්ත ජාතික විදේශීය යුවළක් ගමන් ගත් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් ලංගම බස් රථයක ගැටීමෙන් ඊයේ (30) සවස් වරුවේ අනතුරක් සිදු වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අනතුරින් දැඩි තුවාල ලැබූ පෝලන්ත ජාතික යුවළ මේ වන විට ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ වැව පහළ වංගුව ප්‍රදේශයේ දී මෙම යුවළ බස් රථයේ ගැටී තිබෙනවා.

මඩකලපුව ඩිපෝවට අයත් මෙම ලංගම බස් රථය කල්මුණේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අතර පෝලන්ත ජාතික යුවළ මින්නේරිය ප්‍රදේශයේ සිට පොළොන්නරුව බලා සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇති බවයි හෙළි ව ඇත්තේ.

පෝලන්ත ජාතික කාන්තාව විසින් යතුරුපැදිය ධාවනය කර ඇති අතර මේ සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

බස් රථය සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදිය මින්නේරිය පොලිසිය අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?