පොළොන්නරුවේ රිය අනතුරකින් පෝලන්ත ජාතික යුවළක් බරපතළ තුවාල ලබයි (වීඩියෝ)

පෝලන්ත ජාතික විදේශීය යුවළක් ගමන් ගත් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් ලංගම බස් රථයක ගැටීමෙන් ඊයේ (30) සවස් වරුවේ අනතුරක් සිදු වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අනතුරින් දැඩි තුවාල ලැබූ පෝලන්ත ජාතික යුවළ මේ වන විට ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ වැව පහළ වංගුව ප්‍රදේශයේ දී මෙම යුවළ බස් රථයේ ගැටී තිබෙනවා.

මඩකලපුව ඩිපෝවට අයත් මෙම ලංගම බස් රථය කල්මුණේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අතර පෝලන්ත ජාතික යුවළ මින්නේරිය ප්‍රදේශයේ සිට පොළොන්නරුව බලා සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇති බවයි හෙළි ව ඇත්තේ.

පෝලන්ත ජාතික කාන්තාව විසින් යතුරුපැදිය ධාවනය කර ඇති අතර මේ සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

බස් රථය සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදිය මින්නේරිය පොලිසිය අත්අඩංගුවට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40