ජනපති BRICS නොගියේ; ආරුගම්බේ ඇති වෙන හදිසි ආරක්ෂක තත්ත්වය දැනගත් නිසයි – විජිතගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

ආරුගම්බේ සිද්ධිය පාදක කරගනිමින්; පසුගිය දිනෙක රට තුළ හදිසි ආරක්ෂක තත්ත්වයක් ඇති වූ බවත්; ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් බැහැර ව සිටියේ නම්; එම බුද්ධි තොරතුරු ලබා ගැනීමට නොහැකි වනු ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය; කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා පවසනවා.

අද (29) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයාට මෙරට රුසියානු තානාපති විසින් පැමිණ එරට ජනාධිපති ව්ලොද්මීර් පුටින් සිදු කළ ‘ බ්‍රික්ස් සමුළු’ ඇරයුම ලැබුණ ද; එයට තමන් ඇතුළු දේශපාලන ප්‍රවාහය සහභාගී නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුම්දුන් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඊට බලපෑ ප්‍රධානතම හේතූන් අතර පළමු වැන්න ඊශ්‍රායල සංචාරකයින්ට මෙරට තුළ එල්ල වූ තර්ජනය සම්බන්ධයෙන් වන තොරතුරු සහ මැතිවරණ කාලසීමාව හේතු බව විජිත හේරත් මහතා සඳහන් කළා.

රට මුහුණදෙන හදිසි තත්ත්වයට මුහුණ දීමට රට තුළ ජනාධිපතිවරයා රැඳී සිටීම ම හේතුවක් වූ බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

එබැවින් රුසියාවේ කසාන් නුවර දී පැවැත්වුණු බ්‍රික්ස් (BRICS) සමුළුව වෙනුවෙන් ජනාධිපතිවරයා, අගමැතිනිය හෝ කිසිවෙකු එක් නොවුණ ද, විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු නියෝජිතයින් පිරිසක් ඊට එක් වූ බවයි විජිත හේරත් මහතා දැනුම්දුන්නේ.

මේ අතර මෙම කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සිදු වන්නේ කවදා ද යන වගයි.

මෙය මැතිවරණ කාලසීමාවක් බවත්; මැතිවරණය අවසන් වී පාර්ලිමේන්තු කටයුතු ඇරඹීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ ඇරයුම ජනාධිපතිවරයා විසින් ඉටු කරනු ලබනු ඇති බවත් එය හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් බවත්; ඒ සම්බන්ධයෙන් නිල දිනයක් මෙතෙක් ගෙන නොමැති බව ද විජිත හේරත් අමාත්‍යවරයා කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
00:00
Video thumbnail
නාමල්ව බේරාගන්න ජිනීවා ගියා මිලින්ද ලෝකෙටම ඇහෙන්න කිව්ව දේ..
01:39
Video thumbnail
"හිර කූඩුවේ ඉද්දි හරි නාමල් පුතාව ජනාධිපති කරනවා" - 12 වැනිදා රැළියට එනවා කියලත් කියන්න"
00:16
Video thumbnail
වෙඩි පත්තු වූ අතුරුගිරිය හෝටලයට දැඩි ආරක්ෂාවක්
00:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43