බැංකු පද්ධතිය හා ව්‍යවසායකයා යන දෙදෙනාම රැකෙන පරිදි තීන්දු ගන්නවා – ජනපති (ඡායාරූප)

රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා බැංකු පද්ධතිය සහ ව්‍යවසායකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා වන පරිදි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (29) ජනාධිපතිවරයා සමග සිදු කළ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා විසින් මේ බව අවධාරණය කරනු ලැබූ බවයි.

සියලු ජනතාව සුරක්ෂිත වන ආකාරයට රටේ අවිධිමත් ආර්ථිකය ක්‍රමානුකූලව විධිමත් කිරීමට පියවර ගන්නා බවත්; එහිදී ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණයටත්; ඩිජිටල් හැඳුනුම්පත ලබාදීමටත් සැලසුම් සකස් කරන බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිදු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බවටයි ජනාධිපතිවරයා පොරොන්දු වූයේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සම්බන්ධයෙන් බැංකුවලින් සිදු වන මැදිහත් වීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් කෙරුණා.

පැන නැගුණු ආර්ථික අර්බුදය සමඟ බැංකු පද්ධතිය යම් දරා ගැනීමක් සිදු කරමින් ව්‍යවසායකයා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා ව්‍යවසායකයින් එම දරා ගැනීම අවභාවිත කරන්නේ නම් එය ගැටලුවක් බවයි ප්‍රකාශ කර සිටියේ.

ව්‍යවසායකයාත් ආරක්ෂා වන පරිදි සමස්ත ක්‍රියාවලිය සිදු කළ යුතු බවට මෙහිදී වැඩිදුරටත්
ජනාධිපතිවරයා අවධාරණය කෙරුණා.

Bank Association Meeting 2
Bank Association Meeting 3
Bank Association Meeting 4
Bank Association Meeting 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?