බැංකු පද්ධතිය හා ව්‍යවසායකයා යන දෙදෙනාම රැකෙන පරිදි තීන්දු ගන්නවා – ජනපති (ඡායාරූප)

රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා බැංකු පද්ධතිය සහ ව්‍යවසායකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා වන පරිදි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (29) ජනාධිපතිවරයා සමග සිදු කළ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා විසින් මේ බව අවධාරණය කරනු ලැබූ බවයි.

සියලු ජනතාව සුරක්ෂිත වන ආකාරයට රටේ අවිධිමත් ආර්ථිකය ක්‍රමානුකූලව විධිමත් කිරීමට පියවර ගන්නා බවත්; එහිදී ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණයටත්; ඩිජිටල් හැඳුනුම්පත ලබාදීමටත් සැලසුම් සකස් කරන බව ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිදු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බවටයි ජනාධිපතිවරයා පොරොන්දු වූයේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සම්බන්ධයෙන් බැංකුවලින් සිදු වන මැදිහත් වීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් කෙරුණා.

පැන නැගුණු ආර්ථික අර්බුදය සමඟ බැංකු පද්ධතිය යම් දරා ගැනීමක් සිදු කරමින් ව්‍යවසායකයා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා ව්‍යවසායකයින් එම දරා ගැනීම අවභාවිත කරන්නේ නම් එය ගැටලුවක් බවයි ප්‍රකාශ කර සිටියේ.

ව්‍යවසායකයාත් ආරක්ෂා වන පරිදි සමස්ත ක්‍රියාවලිය සිදු කළ යුතු බවට මෙහිදී වැඩිදුරටත්
ජනාධිපතිවරයා අවධාරණය කෙරුණා.

Bank Association Meeting 2
Bank Association Meeting 3
Bank Association Meeting 4
Bank Association Meeting 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18