ජාතික ප්‍රසම්පාදන කොමිසම ශක්තිමත් කිරීමට ජනපතිගේ අවධානය

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක අවශ්‍යතාව ජනපති අවධාරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (28) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

අවිධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වළක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතු බවයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

පවතින නීතිය හා මාර්ගෝපදේශ අනුව ප්‍රසම්පාදන කාර්යයන් සිදු නොවීම සම්බන්ධයෙන් පවතින ගැටලු ද එම නිලධාරීන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා.

රජයේ ප්‍රාග්ධන වියදම් ඇතුළු සියලු වියදම්වලින් 60%ක් පමණ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව සිදු විය යුතු නමුත් එකී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි පවතින අඩුපාඩු හේතුවෙන් රජයට විශාල වශයෙන් අලාභ සිදු වන බව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා.

ඒ හේතුවෙන් වංචා දූෂණ සඳහා වැඩි අවස්ථාවක් පවතින බව‍යි ඔවුන් කියා සිටියේ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇති විය හැකි ප්‍රමාදය, විනිවිදභාවයෙන් තොර ක්‍රියාවන්, මෙන්ම අකාර්යක්ෂමතාව පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ආයෝජකයා විසින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා (unsolicited proposals) හා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සිදු වන අඩුපාඩු අවම කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු ව තිබෙනවා.

  1. රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු කීපයකට විසදුම් පෙන්වාදිය හැක.1.ගතවන කාලය කෙටි කර ගැනීම,විශේෂයෙන් අභියාචනා කාලය(පෞද්ගලික අ0ශයෙන් පාඩම්) 2.ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරන තනි යෝජනා-unsolicited proposal දේශ පාලක මැදිහත් වීමෙන් අධික වියදම් හා දූශණයට මග පාදන බැවින් විස්තරාත්මක අධ්‍යයනයකින් පසු ක්‍රියාත්මක කිරීම(අතීත අත්දැකීම් ඔනෑ තරම් ඇත)3.තාක්ෂණික ඇගයීම් කමිටු-TEC වාර්තා වලට අනුගත වීම.සමහර විට ප්‍රසම්පාදන කමිටු:PC TEC නිර්දේශ අභිබවා යාම. 4.TEC, PC(ටෙන්ඩර් මණ්ඩල)සදහා තෝරාගැනීමෙදි හර්ද සාක්ෂියට එකග,දූශන චෝදනා නැති නිලධාරින් තේරීම(සමහර පරිපාලකයන් හා විශේෂග්ණයන්(technical people) දේශපාලකයන්ටත් වඩා දූෂිතය)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56