AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ප්‍රසම්පාදන කොමිසම ශක්තිමත් කිරීමට ජනපතිගේ අවධානය

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක අවශ්‍යතාව ජනපති අවධාරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ; ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (28) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

අවිධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වළක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතු බවයි මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

පවතින නීතිය හා මාර්ගෝපදේශ අනුව ප්‍රසම්පාදන කාර්යයන් සිදු නොවීම සම්බන්ධයෙන් පවතින ගැටලු ද එම නිලධාරීන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා.

රජයේ ප්‍රාග්ධන වියදම් ඇතුළු සියලු වියදම්වලින් 60%ක් පමණ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව සිදු විය යුතු නමුත් එකී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි පවතින අඩුපාඩු හේතුවෙන් රජයට විශාල වශයෙන් අලාභ සිදු වන බව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා.

ඒ හේතුවෙන් වංචා දූෂණ සඳහා වැඩි අවස්ථාවක් පවතින බව‍යි ඔවුන් කියා සිටියේ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇති විය හැකි ප්‍රමාදය, විනිවිදභාවයෙන් තොර ක්‍රියාවන්, මෙන්ම අකාර්යක්ෂමතාව පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ආයෝජකයා විසින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා (unsolicited proposals) හා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සිදු වන අඩුපාඩු අවම කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?