AFC Banner
Empty Ad
Empty Ad

ආගමික ස්ථානවල සූර්යය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක්

දිවයින පුරා පිහිටි ආගමික ස්ථානවලට කිලෝවොට් 5ක ධාරිතාවකින් යුත් සූර්යය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවෙන් හිමිවන ඩොලර් මිලියන 17ක මූල්‍ය අනුග්‍රහයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

දිවයින පුරා ඇති පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි සහ හින්දු කෝවිල් ඇතුළු සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි වාර්තා වුණේ.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ 2025 වසරේ මුල ආගමික ස්ථාන 5,000ක සූර්ය පැනල ස්ථාපනය කිරීමට නියමිතයි.

සෑම සූර්ය පැනල පද්ධතියකින්ම මසකට විදුලි ඒකක 500ත් 600ත් අතර ප්‍රමාණයක් ජනනය කිරීමට අපේක්ෂා කරන අතර, ඇස්තමේන්තු කර ඇති වාර්ෂික මුළු විදුලි ඒකක මිලියන 37ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?