අවසන් එක්දින තරගයේ සියලු ගෞරව කොදෙව් පිතිකරුවන්ට – චරිත් අසලංක

කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති එක්දින සහ විස්සයි විස්ස තරගාවලි දෙකම ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් කණ්ඩායමක් ලෙස සතුටට පත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක පවසනවා.

ඊයේ (27) නිමා වූ එක්දින තරගාවලියෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

දෙරට අතර ඊයේ (26) පැවති අවසන් එක්දින තරගයේ වැඩි ගෞරව බරහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට ලබාදිය යුතු බවයි චරිත් මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

වර්ෂාවෙන් බාධා එල්ල වී අඩු පන්දුවාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක වූ මෙවැනි තරගයක ප්‍රතිවාදී ජයග්‍රහණය පන්දුවාර 22ක් දක්වා දුරකට රැගෙන යාමට හැකිවීම සම්බන්ධයෙන් කණ්ඩායමක් ලෙස ධනාත්මක සලකුණක් බවයි ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේ.

මේ අතර ඊයේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යවන්නන්ගේ බලාපොරොත්තු වූ සහාය වර්ෂාව හේතුවෙන් ලබා ගැනීමට නොහැකි වූ බවත් චරිත් මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවා.

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 08ක ජයක් වාර්තා කරන්නට කොදෙව් කණ්ඩායමට ඊයේ (26) රාත්‍රියේ හැකියාව ලැබුණා.

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 23කට සීමා වූ අතර, එහිදී ශ්‍රී ලංකාව පන්දුවාර 23ක් තුළ කඩුලු 03ක් දැවී ලකුණු 156ක් රැස්කළා.

අනතුරුව කොදෙව් කණ්ඩයමට ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 195ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය පන්දුවාර 22ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී පසුකර ගොස් තරගය ජය ගත්තා.

කොදෙව් ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ එවින් ලුවිස් නොදැවී ලකුණු 102ක් රැස්කළ අතර, ෂර්ෆාන් රදර්ෆර්ඩ් නොදැවී අර්ධ ශතකයක් රැස් කළා.

දෙරට අතර පැවති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ මුල් තරග දෙක ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ ශූරතාව හිමිකර ගත් අතර, තරගාවලියේ වීරයා ලෙස චරිත් අසලංක සම්මාන දිනාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12