පාසල් ළමුන් ඉලක්ක කරගත් මත්පෙති ජාවාරමක් වටලයි

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසල් ඉලක්ක කරගනිමින් පාසල් සිසුන්ට මත්පෙති අධික මිල ගණන් යටතේ විකිණීමේ ජාවාරම නිරත වූ පුද්ගලයින් දෙදෙනකු ස්ථාන 02ක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චුන්නාකම් පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් අද (24) දින එම ප්‍රදේශයේ සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී මත්පෙති 840ක් සොයා ගැනුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ අතර ඊයේ (23) දින යාපනය මාණිප්පයි ප්‍රදේශයේ දී ද මානිප්පායි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද සෝදිසියක දී මත්පෙති 1400ක් සොයාගනු ලැබුවා.

යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි පාසල් කිහිපයක් ආසන්නයේ සහ නගරයේ පොලිස් නිලධාරීන් විසින් සිවිල් පුද්ගලයින් වශයෙන් වෙස්වලා අදාළ වැටලීම් සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාණිප්පායි සහ චුන්නාකම් ප්‍රදේශයන් හි පදිංචිකරුවන් වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොවුන් 41 හැවිරිදි වියෙහි පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32