AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ළමුන් ඉලක්ක කරගත් මත්පෙති ජාවාරමක් වටලයි

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසල් ඉලක්ක කරගනිමින් පාසල් සිසුන්ට මත්පෙති අධික මිල ගණන් යටතේ විකිණීමේ ජාවාරම නිරත වූ පුද්ගලයින් දෙදෙනකු ස්ථාන 02ක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චුන්නාකම් පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් අද (24) දින එම ප්‍රදේශයේ සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල දී මත්පෙති 840ක් සොයා ගැනුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ අතර ඊයේ (23) දින යාපනය මාණිප්පයි ප්‍රදේශයේ දී ද මානිප්පායි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද සෝදිසියක දී මත්පෙති 1400ක් සොයාගනු ලැබුවා.

යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි පාසල් කිහිපයක් ආසන්නයේ සහ නගරයේ පොලිස් නිලධාරීන් විසින් සිවිල් පුද්ගලයින් වශයෙන් වෙස්වලා අදාළ වැටලීම් සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාණිප්පායි සහ චුන්නාකම් ප්‍රදේශයන් හි පදිංචිකරුවන් වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොවුන් 41 හැවිරිදි වියෙහි පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්ස හිමීට ජනපතිගේ සායම යවපු හැටි
Video thumbnail
පොල් මිල තවත් ඉහළට - මිනිස්සුන්ට එලොව පොල් පෙනෙයි
01:53
Video thumbnail
කිව්වේ උගන්ඩා සල්ලි හොයනවා කියලා - දැන් කරන්නේ වෙන දෙයක්නේ
03:44
Video thumbnail
ජනපති පුත්තලම හොල්ලපු සම්පූර්ණ කතාව මෙන්න
30:03
Video thumbnail
අනුර රට යන්නේ නෑ - රැස්වීම් කර කර ඇවිදිනවා - DV චානකට නහුතෙට තදවෙයි
06:49
Video thumbnail
පට්ට ගැම්මෙන් ජනපති සහෝදරයා පුත්තලමට එයි
03:02
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් - "සංචාරක ව්‍යාපාරය පොළවටම හාන්සි උනා" #dilithjayaweera #npp
02:32
Video thumbnail
ආරුගම්බේ සිද්ධියට දුක්වුණ තිස්ස - මාලිමා ආණ්ඩුවට තිස්සගෙන් සැර පිළිතුරු
02:14
Video thumbnail
පර්යේෂණ යනවා - එකින් එක එළියට එයි
03:53
Video thumbnail
මුජිබර්ගෙන් ඇඟ කිළිපොලා යන කතාවක් - ලංකාව ඊශ්‍රායල් මධ්‍යස්ථනයක් වෙන්නයි යන්නේ
08:59

?