‘මාධ්‍යයෙනුත් දරුවන්ව අපයෝජනය වෙනවා’ – පුවත්පත් කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

දරුවන් පිළිබඳව මාධ්‍ය වාර්තාකරණයේ දී දරුන්ගේ අනන්‍යතාව හෝ එම දරුවන්ගේ පවුලේ ඥාතින්ගේ අනන්‍යතාව හෙළි නොවන අන්දමින් වාර්තා කරන ලෙස වසර ගණනාවක සිට මාධ්‍ය දැනුවත් කළ ද එය සිදු නොවන බව පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට මහතා අවධාරණය කරනවා.

පුවත්පත් කොමාසාරිස්වරයා මේ බව ප්‍රකාශ ක⁣ළේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සංවිධානය කළ මාධ්‍ය දැනුවත් කිරිමේ වැඩසටහන අමතමින්.

බොහෝ ජාතික පුවත්පත් සහ විද්‍යුත් නාලිකා දරුවන්ගේ ඡායාරූප සහ දැඩි පිළිකුල්සහගත සිරස්තල යොදමින් සිදු කරන්නේ ද තවත් ආකාරයේ ළමා අපයෝජනයක් බවයි හෙතෙම පෙන්වාදෙන්නේ.

ප්‍රවෘත්තියක් ඒ අයුරින් වාර්තා කිරීම සුදුසු වුවත් ඒ පිළිබඳ ව පුද්ගලයන්ට සහ ඔවුන්ගේ අනාගතයට බලපාන ආකාරය ගැන සැලකිලිමත් වී වාර්තා කිරීම ජනමාධ්‍යවේදීන්ගේ වගකිම බව ද ඒ මහතා පෙන්වාදෙනවා.

මාධ්‍ය ආචාර ධර්මවලට අනුකූලව කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන ලෙස වාර්තා කිරීම වගකීම්සහගත මාධ්‍යවේදියෙකුගේ වගකීමක් බව ද පුවත්පත් කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වාදුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?