‘මාධ්‍යයෙනුත් දරුවන්ව අපයෝජනය වෙනවා’ – පුවත්පත් කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

දරුවන් පිළිබඳව මාධ්‍ය වාර්තාකරණයේ දී දරුන්ගේ අනන්‍යතාව හෝ එම දරුවන්ගේ පවුලේ ඥාතින්ගේ අනන්‍යතාව හෙළි නොවන අන්දමින් වාර්තා කරන ලෙස වසර ගණනාවක සිට මාධ්‍ය දැනුවත් කළ ද එය සිදු නොවන බව පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට මහතා අවධාරණය කරනවා.

පුවත්පත් කොමාසාරිස්වරයා මේ බව ප්‍රකාශ ක⁣ළේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සංවිධානය කළ මාධ්‍ය දැනුවත් කිරිමේ වැඩසටහන අමතමින්.

බොහෝ ජාතික පුවත්පත් සහ විද්‍යුත් නාලිකා දරුවන්ගේ ඡායාරූප සහ දැඩි පිළිකුල්සහගත සිරස්තල යොදමින් සිදු කරන්නේ ද තවත් ආකාරයේ ළමා අපයෝජනයක් බවයි හෙතෙම පෙන්වාදෙන්නේ.

ප්‍රවෘත්තියක් ඒ අයුරින් වාර්තා කිරීම සුදුසු වුවත් ඒ පිළිබඳ ව පුද්ගලයන්ට සහ ඔවුන්ගේ අනාගතයට බලපාන ආකාරය ගැන සැලකිලිමත් වී වාර්තා කිරීම ජනමාධ්‍යවේදීන්ගේ වගකිම බව ද ඒ මහතා පෙන්වාදෙනවා.

මාධ්‍ය ආචාර ධර්මවලට අනුකූලව කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන ලෙස වාර්තා කිරීම වගකීම්සහගත මාධ්‍යවේදියෙකුගේ වගකීමක් බව ද පුවත්පත් කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වාදුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43