AFC Banner
Empty Ad
Empty Ad

රජයට බුද්ධි තොරතුරු ලැබී තිබුණේ නම්; අමෙරිකාව අනතුරු අඟවනකම් ඉන්න අවශ්‍ය නෑ – කංචන විජේසේකරගෙන් සැර ප්‍රකාශයක් (නිවේදනය)

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රකාශය අනුව ඔක්තෝබර් 19-23ත් අතර කාලයේ දී මෙරට ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී අමෙරිකානු තානාපති කාර්‍යාලයෙන් එරට පුරවැසියන්ට ශ්‍රී ලංකාව තුළ සංචාරය නොකරන ලෙසට දැනුම්දෙන තෙක් වත්මන් රජය සහ ආරක්ෂක අංශ නිලධාරීන් මීට පෙර ආරක්ෂාව තර නොකළේ ඇයි දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා ප්‍රශ්න කරනවා.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරමින් සඳහන් කර ඇත්තේ; අමෙරිකානු තානාපති කාර්‍යාලය සහ අනෙකුත් විදේශ දූත මණ්ඩලවල අනතුරු ඇඟවීමේ ප්‍රකාශ පුරවැසියන් වෙත දැනුම්දෙන තුරු කිසිදු සංචාරක ප්‍රදේශයක ආරක්ෂක නිලධාරීන් හෝ සන්නද්ධ හමුදාවක් නොසිටි බවත් එය දැඩි කනස්සල්ලක් බවයි.

වැඩබලන පොලිස් ප්‍රධානියාගේ ප්‍රකාශය අනුව, ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකා රජයට ලැබී ඇති අතර, එය ආරක්ෂක මණ්ඩල රැස්වීම් කිහිපයකදී සාකච්ඡා කර, විමර්ශනය කර, පූර්වාරක්ෂාව ගත් බවටයි හෙළි වූයේ.

නමුත් එය යථාර්ථය නොවන බවයි හිටපු මන්ත්‍රී කංචන විජේසේකර සඳහන් කරන්නේ.

රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල හමුවක් කැඳවා ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සහ එවැනි තර්ජනයක් වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳ ව දැනුවත් කිරීමට රජය අපොහොසත් වූයේ කුමන කාරණයක් හේතුවෙන් දැයි කංචන විජේසේකර මහතා විමසනවා.

ජාතික ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය කිසිවිටෙක සැහැල්ලුවට නොගත යුතු නමුත් සංචාරක ආදායම රටට වැදගත්ම ආදායම් මාර්ගයක් බවත්; එය අහිමි නොකරගැනීම මේ මොහොතේ වැදගත් බවයි හෙතෙම වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව එක් කරමින් සිය X පණිවිඩයේ සටහන තුළ කංචන විජේසේකර මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජයට කලින් තොරතුරු තිබුණේ නම් සහ ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල දැනුවත් කළේ නම්, ගත් පූර්වාරක්‍ෂාවන් සමඟ සංචාරක උපදේශන අනතුරු ඇඟවීම් වළක්වා ගැනීමට ඉඩක් තිබූ බවයි.

ජනාධිපතිවරයා මේ මොහොතේ හෝ විදේශ අමාත්‍යවරයා සමග එක්ව අවම වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන් සමඟ රැස්වීමක් කැඳවා ගෙන ඇති පියවර පිළිබඳව කෙටියෙන් සඳහන් කර ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය ඉවත් කිරීමට විදේශ දූත මණ්ඩල සමඟ කටයුතු කළ යුතු බව ද එහි සඳහන් වනවා.

හිටපු මන්ත්‍රී කංචන විජේසේකර මහතා නිකුත් කළ සම්පූර්ණ X පණිවිඩය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑නාමල් රාජපක්ෂ CIDයට ගෙන්වයි #breakingnews #namalrajapaksha
00:31
Video thumbnail
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බත්තරමුල්ල දෙවනක් කරයි...#hariniamarasooriya #npp #akd
16:36
Video thumbnail
මව් බිමේදී 15වෙනි වතාවටත් කොදෙව්වන් දණ ගැස්සු සිංහයින් ගැන වනිඳු කිව්ව කතාව #srilankacricket
09:04
Video thumbnail
අපි බලමු සිංහල අවුරුදු කන හැටි - හොඳ දේට හොඳයි කියලා මම විපක්ෂයේ ඉඳන් අත උස්සනවා
02:54
Video thumbnail
පාසකු ප්‍රහාරයේ මහා මොළකරු හොයනවා නම් අපි අත් දෙකම උස්සනවා #akd #pasku
04:42
Video thumbnail
ජනාධිපතිටත් ජීවිත තර්ජනයක් ? - රටේ ජනාධිපති ආරක්ෂා විය යුතුයි #anurakumaradissanayake #akd #npp
01:50
Video thumbnail
ආරුගම්බේ සිද්ධිය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් #arugambe #gotabayarajapaksa
05:27
Video thumbnail
පෙම්වතියන්ගෙන් අනිසි දේවල් බලාපොරොත්තු වෙන්න එපා
04:53
Video thumbnail
රට හදන්නේ නැතුව අපි හැරෙන්නේ නෑ
04:04
Video thumbnail
මහවැව නගර මැද්දේ විශාල ගින්නක්
01:16

?