AFC Banner
Empty Ad
Empty Ad

නාට්‍යක් නැටූ හිරුණිකා ඇතුළු 14 දෙනෙකුට එරෙහි නඩුව පෙබරවාරි 10 කැඳවීමට නියෝග

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 14 දෙනෙකු වීදි නාට්‍යක් පෙන්වා පොලිස් ආඥා පනත හා මංමාවත් පනත උල්ලංඝනය කර ඇති බව සඳහන් කරමින් පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි 10 වනදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21) කුරුඳුවත්ත පොලිසියට නියෝග කළා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් එදින නිදහස් චතුරස්‍රයට ගොස් ඇත්තේ රට තුළ සිදුවන කාන්තා හිංසනවලට හා රටේ ආර්ථික අර්බුද හේතුවෙන් කාන්තාවන් මුහුණ දෙන තත්ත්වය පිළිබඳව වීදි නාට්‍යයක් මගින් රටට ඉදිරිපත් කිරිමට බවත් පොලිසියට බාධා කිරිමට නොවන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල සඳහන් කළා.

කිසිවෙකුට බාධා නොකරමින් ඔවුන්ගේ වීදි නාට්‍ය පෙන්වමින් සිටියත් එක්වරම ඒ තුළට ඇතුළු වූ පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන හිංසා කළ බවත් මෙය දේශපාලන පළිගැනිමක් බවත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට පේනවා දුන්නා.

2022-11-14 වන දින කුරුඳුවත්ත පොලිස් වසමට අයත් ටොරින්ටන් චතුරස්‍රය අසල දී වීදි නාට්‍යක් රඟ දැක්විමෙන් පොලිස් ආඥා පනත හා මංමාවත් පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 14 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් එම නඩුව පවරා තිබෙනවා.

අද (21) දිනයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හැර සෙසු සැකකරුවන් සියලු දෙනා අධිකරණයේ පෙනී සිටියා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණය හමුවේ පෙනී නොසිටියේ අසනිප තත්ත්වයක් හේතුවෙන් බව සඳහන් වෛද්‍ය වාර්තාවක් ද ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?