AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය නාවික හමුදාවේ කල්පනී කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් අයි.එන්.එස් කල්පනී ටී 75 “INS Kalpeni (T-75)” වේග ප්‍රහාරක යාත්‍රාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

කොළඹ වරායට සේන්දු වූ එම වේග ප්‍රහාරක යාත්‍රාව, දිගින් 49m පමණ වන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නැව් මුළුව හැත්තෑදෙනෙකුගෙන් සමත්විත වනවා.

මෙම වේග ප්‍රහාරක යාත්‍රාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ දී එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතයි

නිල සංචාරය අවසන් කරමින් ලබන 28 වනදා මෙම යාත්‍රාව දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?