2025 අයවැයෙන් ලැබෙන සහන ජනපති අනුර කියයි (වීඩියෝ)

2025 වර්ෂය සඳහා වන අයවැය එළඹෙන පෙබරවාරි මාසයේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එහිදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම පිළිබඳව අවදානය යොමුකර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම පාසල් ළමුන් සඳහා දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් ද එම අයවැය ලේඛනය මඟින් අවදානය යොමුකර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඊට අමතරව දිළිඳු ජනතාවට සහ ආබාධිත පුද්ගලයින්ට ලබාදෙන දීමනාව ද එම අයවැය මඟින් ඉහළ දමන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කර සිටියේ.

එමෙන්ම මෙරටට වැඩිම සංචාරකයින් පැමිණෙන වසර බවට 2025 වසර පත් කිරීමට ද අපේක්ෂාවක් පවතින බව ද ඔහු පැවසුවා.

එළඹෙන මහ මැතිවරණ සටන අරඹමින් අද (20) තංගල්ලේ දී ආරම්භ වූ ජාතික ජන බලවේගයේ පළමු රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?